සේනා දළඹුවා මොන්සැන්ටෝ ගේමක් ?

සේනා දළඹුවා මොන්සැන්ටෝ ගේමක් ?

"පසුගිය රාවය පුවත්පත කෘෂි විද්‍යාඥයන් උපුටා දක්වමින් සේනා දළඹු උවදුර පිටුපස මොන්සැන්ටෝ සමාගම ඇති බවට වාර්තා කර තිබේ. සේනා නම් වු පලිබෝධ වසංගතයට ඔරොත්තු දිය හැකි එකම බීජ ප්‍රභේදය නිපදවන්නේ මොන්සැන්ටෝ සමාගම පමණක් වන නිසා මොන්සැන්ටෝ බීජ සමාගම සේනා වසංගතය පිටුපස ඇතැයි සිතීම සාධාරණ සැකයකි. රාවය පුවත්පත වැඩිදුරටත් අනාවරණය කරන්නේ සේනා දළඹුවන් විනාශ වන බැක්ටීරියාවක් කෘතීමව යොදා නිපදවන මොන්සැන්ටෝ බීජ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි."

නිවේදනයක් නිකුත් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ බව පෙන්වා දෙයි.

එම පක්ෂය නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

සේනා දළඹුවන් තුරන් කිරීමට කිසිදු සාර්ථක විසදුමක් ඉදිරිපත් වී නොමැති නිසා මොන්සැන්ටෝ බීජ ඒකාධිකාරයට යටත් වීමට ගොවීන්ට සිදුව ඇත. ලංකාවේ අත්හදා බලා ඇති අළු යෙදීම වැනි ස්වභාවික විකල්ප විශාල වගාවකට නොගැලපෙන බව ගොවීන්ගේ අදහසයි. ඊට අමතරව දේශීය ක්‍ර‍මවලට නිපදවන පලිබෝධනාශකයන් නිෂ්පාදනයට හා ගොවිතැනට යෙදීමට වැයවන අධික පිරිවැය හේතුවෙන් මොන්සැන්ටෝ සමාගම ගොවීන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්වී ඇත.

සේනා දළඹුවන් ව්‍යාප්තියට වසවිස නැති ගොවිතැන දිරිමත් කිරීම හේතුවක් වී ඇතැයි කෘමිනාශක සමාගම් හා එම සමාගම්වල පහස ලබන දේශපාලකයන් විසින් ඉදිරිපත් කරන තර්කයට පදනමක් නැතත් එමගින් වසවිස නැති ගොවිතැන අධෛර්්‍යමත් වනු ඇත. මුලින් දුම්කොළ වගාවට යොදන අධික සැර කෘමිනාශක යොදා සේනා මැඩිය හැකි බවට රාවයක් පැතිර ගියේය. එය ගොවීන් මුලාකිරීමක් බව ඔප්පු කරමින් සේනා වසංගතය දුම්කොළ වගාවද ආක්‍රමණය කළ අතර එහි වාසියත් කෘමිනාශක සමාගම් හිමි කර ගත්තේ ය.

අවසාන වශයෙන් සිදුවීමට නියමිත ලෝකය පුරාම වසවිස නැති ගොවිතැනට වින කරන අන්තර්ජාතික බීජ මාෆියාව හා පලිබෝධනාශක නිෂ්පාදන සමාගම් මාෆියාව ලංකාව ආක්‍රමණය කිරීමයි. ජාන වෙනස් කළ බීජ හා අධික විස සහිත කෘමිනාශක භාවිතයට අකමැති ගොවීන්ට තවදුරටත් පාඩු සිදුවිය හැකිය. එය ආහාර අර්බුදයක් වීමේ අවධානමක්ද පවතී. ඊට අපගේ විසදුම වසවිස නැති ගොවිතැනට විකල්ප යොදා අතිරික්තයක් දක්වා නිෂ්පාදනය වර්ධනය කිරීම යි.

තුසිත බාලසූරිය
ප්‍ර‍ධාන ලේකම්
සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න