මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනයට ජර්මන් ආධාර !

මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනයට ජර්මන් ආධාර !

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rode අතර හමුවක් පසුගියදා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය.

මෙහිදී දෙරට අතර අධිකරණ කටයුතු නීති ක්ෂේත්‍රයන්හි සහයෝගය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව සාකච්ඡා විය.

අමාත්‍යවරිය මෙහිදී සදහන් කළේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ හා අනෙකුත් සංවර්ධන කටයුතු සදහා ජර්මන් රජය ලබා දෙන සහයෝගය අගය කරන බවයි.

දෙරටෙහිම අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා නීතිමය කරුණු හුවමාරු කිරීම පුහුණු වීම් වල වැදගත්කම පිළිබදව මෙහිදී අවධාරණය විය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සංවර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් නීතීමය කරුණු අධ්‍යනය කිරීම සඳහා මෙන්ම පුහුණු කිරීම්වලදී ජර්මානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෙරට විනිසුරුවරුන්ට අධිකරණ කාර්ය මණ්ඩලයට නීතිමය දැනුම අවබෝධය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ජර්මානු රජය එරට තුළදී ලබා දෙන සහාය අගය කරන බවත් එම සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය එහිදී පැවසුවාය.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් පුහුණු වීම් දැනුවත් කිරීම් ඇතුළු අධිකරණ පද්ධතියේ අනෙකුත් සංවර්ධනයන් සඳහා ජර්මන් රජයේ සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී සඳහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල ද මෙම අවස්ථාවට එක් විය.

DSC 6098

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න