විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන : ඇමති පාඨලීගෙන් අනාවරණයක් !

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන : ඇමති පාඨලීගෙන් අනාවරණයක් !

අද විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කියන හාදයා ගෙදරට බල්ලා ගේන්න ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් සූරික් නුවරට යැවුවෙක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට එවැනි දේ සිදුකල උදවිය කළමණාකාරයේ දක්‍ෂයෝ හැටියට අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිටියත් ඔවුන් කළ කී දේවල් වල පාපය ගෙවන්න වෙලා තියෙන්නේ කිරිපිටි වලින්, පාන්පිටි වලින්, ඒ වගේම අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් අපේ රටේ ජනතාවට යැයිද අමාත්‍යවරයා සඳහන්කර සිටියි.

ඔවුන් එවනිදේ සිදුකලත් තම පාර්ශවය ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ ලැබෙන, ජනතාවට ආර්ථික ශක්තිය ලැබෙන සංවර්ධනය පමණක් බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ බදුල්ල බස් නැවතුම්පොල ප‍්‍රතිසංවර්ධනය කිරිම සඳහා නිරීක්‍ෂණ චාරිකාවට එක්වීමෙන් අතුරුව මාධ්‍යවේදීන් විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද සමහරු රට ඉස්සරහට ඇවිල්ලා රට හදන්න ඉල්ලනවා. අපි දන්නවා 2008 වර්ෂයේදී හොඳම උදාහරණය මේ රට හදන්න එන අය ගැන ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනය 1998 ඉඳන් දස අවුරුද්දකට අරගෙන ඒ අවුරුදු දහය ඇතුලේ මිලියන 14,000ක ලාභයක් උපයලයි මහින්ද රාජපක්‍ෂට, ගෝඨාභය රාජපක්‍ෂට භාරදුන්නේ. ඒ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට. මොකක්ද අද තත්ත්වය. අද වෙන කොට මේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව මේ ජනාධිපතිවරණවලට ඉදිරිපත්වෙන්න හදනවා කියන ශක්තිමත් කළමණාකරනයක් තියෙනවා කියන පාලකයෝ යටතේ මිලියන 250ක්. මේ අපි හැමෝම රුපියල් 12,500 ක් මේ වෙනකොට ගෙවල තියෙනවා මේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ, මිහින්ලංකා එකේ බර වෙනුවෙන්. මේව තමයි මේ රටේ සංවර්ධනය කියලා කෙරුවෙ. නමුත් මේ රජය එවැනි කිසිම සංවර්ධනයක් කරලා නෑ. ඒ භයානක ණය බරත් ගෙවන ගමන් ජනතාවට ආර්ථික ප‍්‍රථිලාභ ලැබෙන, ජනතාවට ආර්ථික ශක්තිය ලැබෙන ක‍්‍රියාමාර්ග විතරයි අපි අරන් තියෙන්නේ. අපි, මිනිස්සු එන්නැති සම්මන්ත‍්‍රණ ශාලා, ගුවන් යානා එන්නැති ගුවන් තොටුපලවල්, ක‍්‍ර‍්‍රිකට් ගහන්නැති ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන, නම්බුවට හදපු වරායවල්, ඒ වගේම ත‍්‍රී වීල් ගන්නවාටත් වඩා නරක විදිහට ගුවන්යානා අරගෙන රට බාල්දු කරලා නෑ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න