ආසියාවේ තියෙන ලොකුම වී ස්ටෝරුව තිබෙන්නේ පොළොන්නරුවේ තමා සතුව බව ජනාධිපති සිරිසේනගේ සහෝදරයකු වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර සහල් කෙටීමේ දී ඒවායේ කළු ඇට ඉවත් කිරීම සඳහා තමන් යොදා ගන්නේ ජපන් තාක්ෂණය බවත්, ඒ සඳහා යොදා ගන්නා එක් යන්ත්‍රයක මිල රුපියල් කෝටි 5 ක් පමණ වන බවත්පවසා ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
“අඩුම තරමින් අපේ වී මාස 04 කට වැඩි ප්‍රමාණයක් පරණ වෙන්න ඕනේ බත්, ඇලෙන්නේ නැතුව, පිළුණු වෙන්නේ නැතුව, ඒ ප්‍රමිතියට එන්න. මාස 06 ක් තියා ගන්න පුළුවන් නං හොඳයි. මිනිස්සුන්ට හොඳ හාල් දෙන්න අපි මාස 06 ක් වී තියා ගෙන ඉන්නවා. අපේ ඒවා හොඳ නැත්තං මිනිස්සු ඒවා නොගන්න එපැයි.“
“රජයේ ක්‍රමයේ වේලුමට වී ගේන්න, කිසිම ගොවියෙක් බය වෙන්න එපා. මම ගන්නවා ඕන තරං. මට එහෙම බැංකුවෙන් පහසුකම් දීලා තියනෙවා.“

