වතුකම්කරු වැටුප සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පෙබරවාරි පළමුවැනිදා පවත්වන සාකච්ඡාව අසාර්ථක වුවහොත් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසයි.
අරුමුගම් තොණ්ඩමන් මහතා හා වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරු අඩු පඩියට එකඟතාවය පළ කර පවා දුන් බවට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය.
රුපියල් 140 කට පැවති නිෂ්පාදන දීමනාව මෙම එකඟතාවය නිසා නැතිව ගොස් ඇති බවට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කරයි.
එනිසා අගමැතිවරයා සමඟ කථා කර අවම වශයෙන් රුපියල් 140 ක දීමනාව හෝ යළි එක් කිරීමට කටයුතු කරන බවද පැවසු ඇමතිවරයා, එසේ නොවුන හොත් ආණ්ඩුවේ ඉන්වා ද නැද්ද යන තීරණයට එළඹෙන බව ද පැවසීය.
අනතුරුව සත්‍යග්‍රහ ව්‍යාපාරයකට එළඹෙන බවට ද අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් සිදු කළහ.

