වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම 31 වනදා !

වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම 31 වනදා !

වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් 2019.01.31(හෙට) පෙරවරු 9.00 ට සිදු කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

මහල් දෙකකින් යුක්තව ඉදි කිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා රුපියල් 372, 800,000.00 (රුපියල් ලක්ෂ 3728 ) ක් වැය කිරීමට නියමිතව තිබේ.

නව අධිකරණ සංකීර්ණය තුළ දිසා අධිකරණයක් ,මහෙස්ත්‍රාත් අධිකරණයක් ,කාර්යාල පහසුකම්, මහජනතාව සඳහා අවශ්‍ය පහසුකම්, වාහන නවතා තැබීමේ පහසුකම් ඇතුළු අනෙකුත් පොදු අවශ්‍යතාවලින් යුක්තව ඉදි කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

වර්ග මීටර් 450 ක ප්‍රමාණයකින් යුක්තව ඉදි කරනු ලබන නව අධිකරණ සංකීර්ණයේ වැඩ 2021.03.31 වන දින අවසන් කිරීමට නියමිතව ඇති අතර ඉංජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශය මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න