දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බවපාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
ඊයේ (30) රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වන්සේ මෙම ඉල්ලීම සිදුකළහ.
ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් සිදුකර ඇති ඉල්ලීම් හා ඥානසාර හිමියන්ට දඬුවම් ලබාදීමට බලපෑ කරුණ සම්බන්ධව සානුකම්පිතය සලකා බලා සිංහල අවුරුද්දට පෙර නිදහස ලබාදෙන්නැයි ඉල්ලා සිටින බවද රතන හිමි සඳහන් කරයි.
මීට පෙර ජනාධිපතිවරු ‘ගෝනවල සුනිල්‘ වැනි පාතාල නායකයන්ට සහ රෝහණ විජේවීර වැනි පුද්ගලයන්ට ජනාධිපති සමාව ලබාදී තිබෙන බවද අතුරලියේ රතන හිමි පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
