ඇමරිකානු ගිවිසුම් කතාව : පොහොට්ටුවේ බොරුවක් - රුවන්

ඇමරිකානු ගිවිසුම් කතාව : පොහොට්ටුවේ බොරුවක් - රුවන්

විදේශීය රටකට ශ්‍රී ලංකාව තුළ යුද කඳවුරු ඇති කිරීමට ඉඩ ලබාදීමේ කිසිඳු අවශ්‍යතාවක් නොවතු බවත් ඇමෙරිකාව සමග තවමත් කිසිම ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) මාලි රාජ්‍යයේදි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් මේජර් වසන්ත දිනේෂ් ජයවික‍්‍රම මහතාගේ පොලොන්නරුවේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිරතව සිටින ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

ඇමෙරිකාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට යන බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළ අවස්ථාවේදි එයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ මේ දක්වා එවැනි කිසිම ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි.

“ඇමෙරිකාව පවසලා තියෙනවා අවබෝධතා ගිවිසුමක් පිළිබඳව නමුත් අපි ආරක්ෂක අමාත්‍යංශයත් සමග සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ඒක දවසකින් දෙකකින් කරන්න පුඑවන් වැඩක් නෙමෙයි. ඒ ගොල්ලන්ගේ යොජනා ටිකත් බලලා අපේ යොජනා ටිකත් දිලා සාකච්ඡා මටිටමින් තමයි කරන්නේ. ඇත්තේන්ම මම ගොඩාක් කණගාටු වෙනවා විමල් විරවංශ මන්ත්‍රීතුමායි පොහොට්ටුවේ කීප දෙනෙකුයි කියලා තියෙනවා ඇමෙරිකාවෙන් ඇවිත් මෙහේ යුද කඳවුරක් පවත්වනවාලු.

එහි කිසිම සත්‍යභාවයක් නැ. එහෙම කඳවුරක් දාන්න ඇමෙරිකාව අපෙන් ඉල්ලිමක් කරලත් නෑ.කොහොමත් පොහොට්ටුවේ කට්ටිය සුමානෙන් සුමානෙට අලුත් බිල්ලේක් මවනවා ජනතාව බය කරන්න. කියන්න තියෙන්නේ එකම දෙයයි වෙන රටකින් ඇවිත් අපේ රටේ යුද කදවුරු දාන්න දෙන්න අපට කිසිම අවශ්‍යතාවයක් නෑ.

ඒ වාගේම ලොකේ කිසිඳු රටකට නොදෙවෙනි ආරක්ෂක හමුදාවක් අපේ රටේ ඉන්නවා. නමුත් ඉදිරියෙදි ඇමෙරිකාව හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න එක අපි ප‍්‍රතික්ෂේප කරන්නේ නැ. ඒ යොජනාත් බලලා අපේ රටට යහපතක් වන පරිදි ඒක සිදු කරන්නේ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න