සිරිසේනට අපේක්ෂකත්වය දෙනවාට : වෙල්ගමගෙන් දැඩි විරෝධයක් !

සිරිසේනට අපේක්ෂකත්වය දෙනවාට : වෙල්ගමගෙන් දැඩි විරෝධයක් !

වත්මන් ජනාධිපති සිරිසේනට යලිත් ජනාධිපතිවරණයකට තරග වැද ජය ගැනීමට නොහැකි බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම දැඩිව අවධාරණය කරයි.

ඒ සම්බන්ධව තමන් මීට පෙරද ස්ථාවරය සඳහන් කර ඇති බවත් සිරිසේන මහතාට තම පාර්ශවයෙන් ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙනවාට තමන් විරුද්ද බවත් ඔහු පවසයි.

මීලග ජනාධිපතිවරණය ගැන මාධ්‍ය විසින් කල විමසීමකදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා ඇත.

තවද කෙනෙකු ඉහළට එන විට පසුගිය සමයේ මහින්ද මහතාට සිදුකලා මෙන් පහලට ඇද දමන කුමන්ත්‍රණ ජනාධිපති පාර්ශවයෙන් සිදුවන බවත් මේ වන විටත් තවත් ප්‍රබලයකුට එවැන්නක් සිදුකිරීමේ සූදානමක් සම්බන්ධව තම දීර්ඝ කාලීන දේශපාලන ඉවට වැටහෙන බවද ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න