සිරිසේනට එරෙහිව එජාපෙ නඩු මගට !

සිරිසේනට එරෙහිව එජාපෙ නඩු මගට !

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලිම මත අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එජාපෙ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුනහොත් අමාත්‍යවරුන් පත් කිරිම සඳහා 19 සංශෝධනය අනුව ජනපති බැඳී සිටින ජනපති එසේ පත් නොකළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් පවතියි.

එහිදී ලැබෙන තීන්දුව ජනාධිපති සිරිසේනට අවාසි සහගත වන බව ව්‍යවස්ථාව අධ්‍යයනය කල නීති විශාරදයන් දැනටමත් පෙන්වාදී ඇති බවත් එසේ වුවහොත් ජනාධිපති සිරිසේන යළිත් වතාවක් ව්‍යවස්ථාව උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්ම තහවුරු වන බවත් එය ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කල දෙවන අවස්ථාව වන බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම ජනාධිපති සිරිසේන මේ වන විට ව්‍යවස්ථාවට පරිභාහිරව අමාත්‍යංශ විෂය පථ පවා අත්පත් කරගෙන සිටින බවත් සම්මුතියෙන් තවදුරටත් ආණ්ඩු කිරීමට සූදානම් නැතිනම් නීතිය හමුවේ ජනාධිපතිගේ වරද තහවුරු කරන්නට කටයුතු කිරීම හැර විකල්පයක් පක්ෂයට නොමැති බවද එම ආරංචිමාර්ග අවධාරණය කර සිටියි.

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන පාර්ශවය සඳහන් කරන්නේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 දක්වා සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තද, වැඩිකර ගන්නා අමාත්‍ය ධුර ගණන ලබා නොදීමට ජනාධිපති තීරණය කර ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න