2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට !

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට !

ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දීපව්‍යාප්තව සිදුකල වැටලීම් වල ප‍්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

ඉන් ලත් මුළු ආදායම රු.130,285,824.83 ක් වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ඉන් රු.120,134,324.83 ක් ලංවිම අලාභය වශයෙනුත්, රු.10,151,500.00ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබේ.

2018 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 253 ක්ද අනාවරණයවී තිබේ.

අද වනවිට සමස්ථයක් වශයෙන් 100% කට විදුලියේ හිමිකම ලබාදීමට රජයට හැකිවී තිබේ. එය නීත්‍යානුකූල අයිතියක් සේ සලකා රටේ සෑම පුරවැසියෙකුටම ලබාදීම විෂයභාර අමත්‍යවරයාගේ සහ අමාත්‍යාංශයේ අරමුණයි. අධික නියඟය සහ අධික තෙල් මිල හමුවේද අඛණ්ඩ විදුලිබලයක් සැපයීමට වත්මන් රජයට හැකිවිය.

එවන් තත්ත්වයක් හමුවේ නීත්‍යානුකූල නොවන ක‍්‍රමවේද ආශ‍්‍රයෙන් වංචා සහගත ලෙස විදුලිබලය ලබාගැනීම නිසා ආර්ථික වශයෙන් වැඩි පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි. මේ හේතුවෙන් ජාතික ආර්ථිකයට අයහපත් බලපෑමක් සිදුවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මෙම තත්ත්වය මත මේ වනවිට ලංවිම විමර්ශන අංශයේ ක‍්‍රියාකාරීත්වය සවිමත් කරමින් අවශ්‍ය සියළු නීතිමය කටයුතු සඳහා සහයෝගය ලබාදීමට නිරන්තරයෙන්ම තමා කැපවනබව අමාත්‍යවරයා පවසයි.

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112422259 ට දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරන අමාත්‍ය කරුණානායක, අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවාද ඒ සඳහා විවෘත බව පවසන අතර මෙම කර්තව්‍ය ජාතික සත්කාරයක් ලෙස සලකන ලෙසද ඉල්ලා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.