මහජන සේවා මාධ්‍ය වෙනුවෙන් : ඇමති මංගලගෙන් විද්වත් කමිටුවක් !

මහජන සේවා මාධ්‍ය වෙනුවෙන් : ඇමති මංගලගෙන් විද්වත් කමිටුවක් !

රාජ්‍ය මාධ්‍ය ආයතන සෑබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරලීමේ අරමුණෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් කමිටුවක් පත් කර තිබේ. 

මාධ්‍ය භාවිත සහ ඒවායේ ස්වාධීනත්වය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේ මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වී ඇත්තේ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් විය යුතුය යන්න යි.

එම අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් ඊයේ  (11) සත් පුද්ගල කමිටුවක් පත් කරන ලදී. ඉහත කරුණට අදාළව රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පවරා තිබේ.  

මෙහි සභාපතිවරයා ලෙස විජයානන්ද ජයවීර මහතා පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, අචාර්ය ප්‍රදීප් වීරසිංහ, සන්නිවේදන උපදේශක නාලක ගුණවර්ධන, රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු, සිනමාවේදිනි අනෝමා රාජකරුණා සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධනය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න