පොලිසියට ගුටි දුන්න චමින්ද : අධිකරණයට භාරවෙයි !

පොලිසියට ගුටි දුන්න චමින්ද : අධිකරණයට භාරවෙයි !

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද(13) පෙරවරුවේ නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වී තිබේ.

බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ආසන්නයේදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ද පොලීසිය විසින් දියත් කර තිබුණි.

මන්ත්‍රීවරයා ගමන්ගත් රථය ඉස්සර කර යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා පවසයි.

සිද්ධිය සම්බන්ධව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති බවත් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසියට භාරවිය හැකි බවත් මන්ත්‍රීවරයාට මීට පෙර දන්වා තිබුණි.

ඒ අනුව අදාල මන්ත්‍රීවරයා අද පෙරවරුවේ බණ්ඩාරවෙල අධිකරණයේ පෙනී සිටීම සඳහා පැමිණ තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න