ජානක පෙරේරා ඝාතන නඩුව යළි කැඳවයි

ජානක පෙරේරා ඝාතන නඩුව යළි කැඳවයි

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුලූ 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 05 වැනි දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

හිටපු විනිසුරු සහ ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති විසින් මෙම සිද්ධියට අදාල නඩුව අද (14) අනුරාධපුර අංක දෙක මහාධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කලේය.

නඩුවේ ප‍්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබ් නැමැත්තා තවදුරටත් අපේ‍්‍රල් මස 05 දක්වා යළි රිමාන්ඩ් කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කරනු ලැබුවාය.

මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග කිරිමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු මෙන්ම ගම්පහ පළාත් බද සිවිල් අභියාචානා මහාධිකරණයේ වත්මන් විනිසුරු බේමා ස්වර්ණාධිපති පත් කර ඇති අතර ඒ අගවිනිසුරුවරයා විසිනි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා සහ විත්තියේ නීතිඥ මහින්ද ජයවර්ධන යන අය කල ඉල්ලීමකට අනුව විනිසුරු ස්වර්ණාධිපති මෙලෙස පත් කරනු ලැබුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න