උතුරු නැගෙනහිර සංවර්ධනය වේගවත් කරන්න : අගමැති රනිල්ගෙන් උපදෙස් !

උතුරු නැගෙනහිර සංවර්ධනය වේගවත් කරන්න : අගමැති රනිල්ගෙන් උපදෙස් !

යුධ ගැටුම් හේතුවෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු වේගවත් කර එහි ජනතාවට උසස් ජීවන තත්වයක් හා යහපත් අනාගතයක් උරුම කරදීම තම අපේක්‍ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) දහවල් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමිනි.

මෙම රැස්වීම සඳහා අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල, සහ උතුරු නැගෙනහිර ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ද සහභාගි විය. දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්තිරන්, ඊ. සරවනභවන්, ශිවලිංගම් සේධරම්, ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ.

මෙහිදී ගැටළු ගණනාවක් සඳහා කඩිනම් විසදුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරු සහ ආණ්ඩුකාරවරයා කටයුතු කළහ.

අද පෙබරවාරි 14 වැනි දා ආදරවන්තයන්ගේ දිනයේ කොළඹ සිට ආදරය සහ සෙනෙහසේ පණිවුඩය රැගෙන යාපනයට පැමිණීම පිළිබඳව උතුරු - නැගෙනහිර ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන්ට විශේෂ ස්තුතියක්ද එහිදී පළ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න