සංහිඳියාවේ යෝජනා ගෙනා අයම අද එය විවේචනය කරනවා - අගමැති රනිල්

සංහිඳියාවේ යෝජනා ගෙනා අයම අද එය විවේචනය කරනවා - අගමැති රනිල්

දේශපාලන ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස මේ වනවිට සාකච්ඡා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික යෝජනා පමණක් යැයිද අද සංහිඳියාව ගොඩනැගීම සඳහා අප එම යෝජනා ගැන කතාකරන විට එදා එම යෝජනා හොද යැයි කියූ පිරිස අපට ද්‍රොහීන් යැයි හංවඩු ගසන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (14) යාපනයේදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය කිසිවිටක බලය බෙදාහැරීම ගැන කිසිදු ලියවිල්ලක් හෝ යෝජනාවක් ලබාදී නැතැයි කී අග‍්‍රාමාත්‍යවරයා අද ද්‍රවිඩ සංධානය කතාකරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ ගෙනආ සර්වපාක්ෂික යෝජනා පිළිබඳව බව සියලූ දෙනා දැනගතයුතු යැයිද පැවසීය.

මේ පිළිබඳ විවේචන එල්ල කරන සමහර මාධ්‍ය මහින්ද රාජපක්ෂ යුගයේදී ” දුටුගැමුණු රජ්ජුරුවන්ට රට එකතුකරන්න යෝජනා ගෙනවිත් තිබෙන බව” පැවසූයේ යැයි සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මේ බව පැවසූයේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත‍්‍රික්කවල කාන්තාවන් විසින් මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවයට සහභාගී වෙමිණි.

රුපියල් මිලියන 1400ක මුදලක් වෙන්කර මුදල් අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන සංවිධානයකර තිබිණ.
යාපනය වීරසිංහම් ශාලාවේ පැවති මෙම උත්සවය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උතුරු පළාත් සංචාරයේදී යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ මුලතිව් දිස්ත‍්‍රික්කවල සංචාරය කරමින් දෙදිනක් පුරා සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න