ඊළඟ පක්ෂ නායක හමුවට නීතිපතිවත් කැඳවයි !

ඊළඟ පක්ෂ නායක හමුවට නීතිපතිවත් කැඳවයි !

පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වන්නේද, නොඑසේනම් පැරණි ක්‍රමයට පවත්වන්නේද යන්න පිළිබඳ නීතිමය තත්ත්වය විමසීම සඳහා මීළඟ පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී ඊයේ (20) එකඟතාවයට පැමිණ ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පක්ෂ නායකයන් මේ රැස්වීමට සහභාගී වූ බව ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඊයේ (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණ‍.‍ පළාත් සභා මැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් පක්ෂ නායක රැස්වීමේදී ඊයේ අවධානය යොමුකර ඇති අතර මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට පවතින ගැටළු කිහිපයක් පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමට තීරණය කළ බවත් ඇමති මනෝ ගනේෂන් කීය.

ඒ අනුව රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදින් යන ඇමතිවරුන් සමග තමන් ජනාධිපතිවරයා හමුවී තම ගැටළු සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලබා ගන්නා බවද ඉන් පසුව මීළග පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා කැදවා ඔහුගේ ද අදහස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් පක්ෂ නායකයෝ එකග වූ බවද මනෝ ගනේෂන් ඇමතිවරයා සදහන් කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන්ද පක්ෂ නායක රැස්වීමේදී වැඩි අවධානයක් යොමුකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න