සිංහරාජය වනසන පාරට එරෙහිව විරෝධයක් !

සිංහරාජය වනසන පාරට එරෙහිව විරෝධයක් !

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් ඊයේ (20) ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි.

එමෙන්ම මධ්‍යාහ්න 12 ට පරිසර අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ, සොබාදම් පියස ඉදිරිපිටදී ද විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාවලට සමගාමීව යුනෙස්කෝ ලෝක උරුම පිළිබඳ මෙරට කටයුතු සම්බන්ධීකරණය කරන යුනෙස්කෝ ජාතික ලේකම් කාර්යාලයට, සිංහරාජයේ මෙම නීතිවිරෝධී ව්‍යාපෘතියට අවශ්‍ය ණය ලබා දෙන ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයට, පරිසර අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා ලිපි භාර දීම සිදුකර තිබේ.

52448057 339804273543218 5812067272432287744 n

52598830 421193395090037 1729485117082042368 n

52974025 336077133693604 5160852833385316352 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න