ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සුමතිපාල පාර්ශවයට !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සුමතිපාල පාර්ශවයට !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ.

අද(21) පැවති ක්‍රිකට් ආයතන නිලවරණයේ දී වැඩි ඡන්දයෙන් ශම්මි සිල්වා මහතා සභාපති ධුරයට තේරී පත්ව ඇති බව වාර්තා වෙයි.

ක්‍රිකට් ආයතන නිලවරණයේ සභාපති ධුරය සඳහා කේ.මතිවානන්, ශම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඉදිරිපත්ව සිටියේය.

එහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 82ක් ලබාගනිමින් සභාපති ධුරයට තේරී පත්ව ඇති අතර ජයන්ත ධර්මදාස මහතාට හිමිව ඇත්තේ ඡන්ද 56ක් පමණයි.

මේ අතර උප සභාපති ධුරයට ඉදිරිපත් වූ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පරාජයට පත්ව ඇති බව ද වාර්තා වෙයි.

ඔහුට ඡන්ද 72ක් පමණක් හිමිව ඇති අතර ඡන්ද 82ක් ලැබූ රවින් වික්‍රමරත්න සහ ඡන්ද 80ක් ලැබූ කේ.මතිවානන් උප සභාපති ධුරයන් සඳහා තේරී පත්ව තිබේ.

එමෙන්ම රීඩා අමාත්‍යාංශයේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වරණයේදී 2019 - 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා තේරී පත්ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න