මහින්දගෙන් ජාත්‍යන්තර ලණුවක් !

මහින්දගෙන් ජාත්‍යන්තර ලණුවක් !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට සම අනුග්‍රහය දැක්විමෙන් ලංකාව ඉවත් විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා අතර මත දෙකක් පවතින බවත් වැඩිදුරටත් පවසා තිබේ.

සිරිසේනත් මහින්ද ගිය පාරේ !

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අදහස් දැක්වීම සම්බන්ධව ප්‍රතිචාර දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ රට නැවත 2014 වසරේ තිබූ තැනට ගෙනයාමේ උත්සාහයක් මේ පිටුපස ඇති බවය. ඒ අනුව රට නැවතත් ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත්වීමේ සහ ලෝකය තුළ හුදකළාවීමේ අවධානමක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

රටට එල්ල වන ජාත්‍යන්තර බලපෑම් වැඩිකරගත් ප්‍රමාණයට රටේ ජාතිවාදය වපුරා වාසි ගැනීම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගේ උපක්‍රමය වී ඇති බවත් මේ වන විට ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂ කඳවුර ජාතිවාදයේ කොඩිය දිනා ගන්නට සීතල යුද්ධයක නිරතව සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න