රාජපක්ෂ පාලන සමයේ ඝාතනය කල සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 9ක් ගතවූ ඊයේ (08) උදෑසන 9.00 ට ඔහුගේ සොහොන ට පැමිණි ඥාතීන් සහ හිතමිතුරන් ඔහු සිහිපත් කර ගරු බුහුමන් දක්වනු ලැබිණ.
එහෙත් එම අවස්ථාව සඳහා ආණ්ඩුව නියෝජනය කර පැමිණ සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පමණි. මලික් සමරවීර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියත් ඔහුට විශේෂ රාජකාරියක් සඳහා යාමට තිබෙන හෙලිකොප්ටරය මගහැරෙන බව සඳහන් කර සමරුව ආරම්භ කිරීමට පෙර එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවන බව ලසන්තගේ ඥාතීන්ට දන්වා පිටත්ව ගොස් තිබිණ.
වත්මන් ආණ්ඩුව බලය ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණ වේදිකාවේ නිතර සිහිපත් කල නම් අතර ලසන්ත වික්‍රමතුංගගේ නම ඉදිරියෙන්ම තිබිණ. ඔහුගේ ඝාතනය සාම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එහිදී නිතර කියවිණ.
නමුත් ඔහුගේ ඝාතනයට සිදුවී වසර 9ක් ඉක්මගොස් ඇති අතර වත්මන් ආණ්ඩුවද බලයට පැමිණ වසර 3ක් ඉක්මගොස් ඇත. එහෙත් මේ වන තුරුත් ලසන්ත ඝාතනයට වගකිව යුත්තන් හෙළිකර ගන්නට පමණක් නොව අවම වශයෙන් ඔහුට ගරු බුහුමන් දැක්වීම වෙනුවෙන් සහභාගීවීම පවා පාලකයින්ට අමතකව ගොස් ඇත.


