චුන්නාක්කම් බලාගාරයේ ධාරිතාවත් කඩිනමින් ජාතික පද්ධතියට ගන්න - ඇමති රවී

චුන්නාක්කම් බලාගාරයේ ධාරිතාවත් කඩිනමින් ජාතික පද්ධතියට ගන්න - ඇමති රවී

"පරිසර අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මෙම බලාගාරය මගින් පරිසරයට කිසිදු හානියක් සිදුවෙන්නේ නැති බව පැහැදිළියි. ඒ අනුව උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කරලා, උසාවියේ නියෝගයක් මත නීතියේ අවසර ඇතිව, චුන්නාකම් බලාගාරය ක්‍රියාත්මක කර, මෙම බලාගාරයෙන් උත්පාදනය කළ හැකි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට හැකි ඉක්මණින් එක් කිරීමට අවශ්‍ය පියවර ගන්න" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

අමාත්‍යවරයා විසින් මෙසේ උපදෙස් සපයන ලද්දේ, වව්නියා සහ යාපනය ප්‍රදේශයන්ගේ පැවති නිල සංචාරකදී, චුන්නාකම් විදුලි බාලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

අදාළ ප්‍රදේශයන්ගේ විදුලිබල අවශ්‍යතා, එම ප්‍රදේශවල ජනතාව විදුලිය ලබාගැනිම සහ පරිභෝජනයේදී මුහුණපාන ගැටළු සහ දුෂ්කරතා හදුනා ගනිමින් ඒවාට පිළියම් යෙදීමත්, එම ප්‍රදේශයන්හි නව පුනර්ජනනීය විදුලි උත්පාදන අවස්ථා ඇති කිරීමේ හැකියාවන් පිළිබද සොයා බැලීමත් මෙම සංචාරයේ මූලික අරමුණු අතර වේ.

මෙම සංචාරයේදී අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය (යාපනය ප්‍රාදේශීය), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය මෙන්ම නොදර්න් පවර් කාර්යාලයේද නිරීක්ෂණයකට එක්වූ අතර එහිදී සේවක පිරිස් සමග අදහස් හුවමාරු කරගත් අතර අදාළ කාර්යාලයන්හි සිදුවිය යුතු අළුත්වැඩියා කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු පිළිබදවද අදාළ අංශ වෙත උපදෙස් සපයන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,

චුන්නාකම් බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කල හැකි විදුලි ධාරිතාවය, මේ වනවිට නීතිමය තත්ත්වයක් මත අත්හිටවලා තිබෙනවා. වියලි කාලගුණික තත්ත්වය මත මේ වනවිට විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති දුෂ්කරතාවන් මගහරවා ගැනිමට මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වනවා. ඒ තුළින් අපි මේ වනවිට අත්හිටුවා ඇති හදිසි විදුලිය මිලදී ගැනීම් වලින් තවදුරටත් වැලකී සිටීමට හැකියාවක් ලැබෙනවා යැයි පැවසිය.

04

05

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න