සිංගප්පුරු ආණ්ඩුවට සිරිසේනගෙන් සැර චෝදනාවක් !

සිංගප්පුරු ආණ්ඩුවට සිරිසේනගෙන් සැර චෝදනාවක් !

තමන්  පසුගියදා සිදුකළ සිංගප්පූරු සංචාරය අතරතුරදී ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චුදිතයා වන අර්ජුණ මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍යවරයා සමග තමා සාක්ච්ඡා කළ බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවෙන් තවමත් පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම සහ ඔහු මෙරටට භාර දීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයේ සහය අඩුවීම ප්‍රශ්නාර්ථයක් බව ජනාධිපති සිරිසේන චෝදනා කරයි.

ජනාධිපතිවරයා මෙසේ සිංගප්පුරු ආණ්ඩුවට චෝදනා කර සිටියේ අල්ලස් හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම සඳහා කොළඹදී ඊයේ (18) පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

මේ අතර රාජ්‍ය සේවයේ අල්ලස හා දූෂණය පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒවා තුරන් කිරීමට විවිධ ආණ්ඩු යටතේ විවිධ ආයතන පැවතිය ද සිදුවූයේ, අල්ලස දූෂණය ඉහළ යාම පමණක් බවයි.

රජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, පසුගිය දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වෙළෙද ප්‍රචාරණ දැන්වීමක් සැකසීමේදී පවා රාජ්‍ය ආයතනයක නිලධාරීන් අල්ලස් ගෙන තිබූ බවත් ජනාධිපති සිරිසේන පැවසීය.

දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව හොරකම දූෂණය, අල්ලසින් තොරව රට සංවර්ධනය කරා ගෙන යාමට සියලු දෙනා කැප විය යුතු බවත් ඒ සඳහා දායක වන ලෙස දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු සියලු ජනතාවගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න