අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අනියුක්තව පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් මේ යටතේ බඳවා ගැනීමට නියමිතය.
ඔවුන්ට මාසිකව රුපියල් 15000ක දීමනාවක් ලබාදිමට අපේකෂා කරයි. සංවර්ධන ව්‍යාපෘතින් ඵලදායි අන්දමින් ක්‍රියාත්මක කිරිම සඳහා එම ව්‍යාපෘති සමීපව අධීක්ෂණය කිරීමට මෙම පිරිස බඳවා ගැනීමට නියමිතය.
මෙසේ තෝරා ගන්නා අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනමින් පුහුණු ව්‍යාපෘති සහකාර තනතුරට පත් කිරීමට නියමිතය. ඒ හරහා ඔවුන් ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය අපේක්ෂා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
