Language Switcher

V2025

ඕස්ලෝ සම්මුතිය ලංකාවේ නීතිගත කරන්න සූදානම් !

පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය (ඔස්ලෝ සම්මුතිය) ශ්‍රී ලංකාවේ නීතිගත කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බහු විධ පිපුරුම් සහිත අනු - යුධ අවි අඩංගු කර සාදනු ලබන ඉතා විනාශකාරී ආයුධ වර්ගයක් ලෙස පොකුරු බෝම්බ හඳුනා ගැනෙන අතර මෙම සම්මුතියට ප්‍රවේශ වීම හරහා ශ්‍රී ලංකාව මානුෂීය නිරායුධකරණය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක් ලෙස යපහත් ප්‍රතිරූපයක් ඇති කර ගැනීමට හැකියාවක් ලැබෙන බව කැබිනට් මණ්ඩලය විශ්වාස කරයි.

මේ හරහා කලාපයේ සාමය හා ආරක්ෂාව මෙන්ම ලෝක සාමය ඇති කිරීම කෙරෙහි සිදුකළ හයැකි දායකත්වය සැලකිල්ලට ගෙන පොකුරු බෝම්බ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ඔස්ලෝ සම්මුතිය ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කිරිමට අපේක්ෂා කරයි.