ලසන්ත ඝාතනය : ගෝඨාට ඇමරිකානු අධිකරණයක නඩු ?

ලසන්ත ඝාතනය : ගෝඨාට ඇමරිකානු අධිකරණයක නඩු ?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරීමේ සූදානමක් පවතින බවත් එසේ සිදුවුවහොත් ඔහුට ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගන්නට නොහැකි වීමේ අවධානමක් තිබෙන බව එම පාර්ශවයේ වෙබ් අඩවියක් වාර්තා කරයි.

ඊට අදාල පුවත පහත දැක්වෙයි .

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයක නඩු පැවරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි වාර්තා වේ.

ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට කටයුතු කරන්නේ වික‍්‍රමතුංග මහතාට සමීප සබදතාවක් තිබූ මාධ්‍යවෙිදිනියකි.

මෙම තත්ත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම අවහිර කිරීමට අදහස් කර සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරුවොත් එය අවසන් වන තුරු එරට පුරවැසිභාවය ඉවත් කරගැනීමට ඉඩ නොලැබුන්නේ යයි පැමිණිලිකාර පාර්ශවයේ විශ්වාසයයි.

කෙසේ වෙතත් මෙම නඩුව ඇමරිකානු අධිකරණය හමුවේ විභාගයට නොගැනෙනු ඇති බවත් ශ‍්‍රී ලංකාවේ සිදු වූ සිදුවීමක් නිසා ඇමරිකානු අධිකරණයේ නඩු පවරා වරදකරුවෙක් කිරීම ප්‍රායෝගික නොවන බව නීති විශාරදයන්ගේ මතයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න