ග්‍රාමීය පාලම් 200ක් හදන්න නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 50.67 ක් !

ග්‍රාමීය පාලම් 200ක් හදන්න නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 50.67 ක් !

රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 50.67 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟතාවය පළකර ඇත.

මෙම ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ කෝපරේටිව් රබෝ බැංකුව යූ.ඒ. (The Cooperatieve Rabobank U.A. of the Netherlands) සමඟ සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කළ නිර්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් 75% ක් පමණ වන යුරෝ මිලියන 42 ක් සහනදායී මූල්‍ය ණය වශයෙන් රබෝ බැංකුවෙන් ලබාගැනීමට නියමිත අතර ඉතිරි යුරෝ මිලියන 14 නෙදර්ලන්ත රජයේ සංවර්ධනය හා බැඳුණු යටිතල පහසුකම් කාර්ය ඒකකය මගින් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතය.

රටේ ප්‍රධාන සංවර්ධන ක්‍රියාදාමයන්හි පූර්ණ ප්‍රතිලාභ, දුෂ්කර ගම්මාන සඳහාද ලබාදීමේ පියවරක් ලෙස ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර රජය විසින් ආරම්භ කරන ලදී. එමඟින්, අඩු පහසුකම් සහිත ගම්මාන බොහොමයකට නිසි ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකියාව ලැබී තිබේ.

මෙම ග්‍රාමීය පාලම් 200 ඉදිකිරීමේ ස්ථාන, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දැනටමත් හඳුනාගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න