මාතරට ජර්මන් කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක් !

මාතරට ජර්මන් කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක් !

ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ස්ථාපනය කිරීම සඳහා යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළ කරයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර විදේශ අමාත්‍යවරයාව සිටිය දී 2015 වසරේ දී ජර්මානු රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ සඳහා යුරෝ මිලියන 11ක් ප්‍රදානය කරන බව ජර්මානු රජය විසින් අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

2015 වසරේ දී කරන ලද මෙවැනි ම ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ ද ජර්මානු පුහුණු කිරීමේ ආයතනයක් 2016 වසරේ දී ඉදි කෙරිණි. දෙවැන්න මෙසේ මාතර ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දකුණේ තරුණ තරුණියන්ට තාක්ෂණික ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදා වනු ඇත.

විශ්ව විද්‍යාලවල ඉඩ පහසුකම් සීමිත වීම හේතුවෙන් උසස් පෙළ සමත්ව එහෙත් විශ්ව විද්‍යාල වරම් නොලබා සමාජ ගත වන තරුණ තරුණියන් අපේක්ෂාභංගත්වයට පත් වීමට ඉඩ නොදී ජාත්‍යන්තර මට්ටමේ කාර්මික තාක්ෂණික පුහුණුව ලබා දීම රජයේ අපේක්ෂාවයි. වෙළෙඳපොළ අවශ්‍යතාවට සරිලන පරිදි විධිමත් පුහුණුවක් ලබා දීම තුළින් හැකියාවන්ගෙන් පිරිපුන් පිරිසක් බිහි කර ජාතික ආර්ථිකයට තරුණ දායකත්වයක් ලබා ගැනීමට රජය ගෙන ඇති පියවර මෙමගින් සාර්ථක කර ගත හැකි වනු ඇත.

ජර්මානු ආධාර යටතේ ඇරැඹුණ පළමු ආයතනය වන්නේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික තාක්ෂණික ආයතනයයි. 1958 දී දෙරට අතර අත්සන් තැබූ ගිවිසුම අනුව එය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කෙරිණි. එය රථ වාහන ඉංජිනේරුවන් බිහි කිරීමේ ප්‍රධානතම ආයතනය ලෙස අදටත් පවතී.

මාතර දී ඉදි කිරීමට නියමිත මෙම ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය තුළින් තරුණියන්ට තාක්ෂණික වෘත්තීය පුහුණුව ලබා දීමට අමතරව රටේ අනෙකුත් තාක්ෂණික විද්‍යාලවලට අවශ්‍ය පුහුණුකරුවන් හා උපදේශකයන් පුහුණු කිරීමට ද කටයුතු කරනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න