අමාත්‍යාංශ ලේකම් ඇමැති අර්ජුනට උඩින් යයි - දූෂණ චෝදනා ඇති නිලධාරීයාව රකින්න වැඩ !

අමාත්‍යාංශ ලේකම් ඇමැති අර්ජුනට උඩින් යයි - දූෂණ චෝදනා ඇති නිලධාරීයාව රකින්න වැඩ !

පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බරපතල දුෂණ චෝදනාවලට ලක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි එම තනතුරින් ඉවත් කරන ලෙස ප්‍රවහන ඇමති අර්ජුන රණතුංග ලබා දුන් නියෝගය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එල්.පී.ජයම්පති විසින් පැහැර හැර ඇතිබව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අර්ජුන අමාත්‍යවරයා මොහු ධුරයෙන් ඉවත් කිරීමට දන්වා ඇත්තේ රජයේ නිලධාරියකුට බරපතල චෝදනා එල්ලවූ විට අදාල නිලධාරියා එම තනතුරින් තාවකාලිකව හෝ ඉවත් කර පරීක්ෂණ පැවැත්විය යුතු අතර එම තැනැත්තා ආයතන ප්‍රධානියා බැවින් ඔහු එම තනතුරේ තබාගෙන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි නිසාය.

අය වැය කාරක සභා විවාදයේදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවද එය ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය බවට එය පත්ව ඇතැයිද පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළහ.

හිටපු ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වාට ලබා දෙන්නට යැයි පවසමින් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මුදල් ගසා කන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙහිදී චෝදනා කරන ලදී.

රියැදුරු බලපත‍්‍රය මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලියේ නිරතව සිටින සමාගමට අදාල ගිවිසුම වසර හතකට අත්සන් කර ඇතැයිද 2016 වසරේදී එම ගිවිසුම අවසන්ව ඇතැයිද ,වසර හතෙන් පසුව සියලූම දේපොළ රජයට පැවරිය යුතු බවට ගිවිසුමෙහි ඇතත් මේ වන විට වසර දහයක් ගතව ඇතත් එම කිසිදු දේපලක් රජයට නොපවරා ඒ වෙනුවට වසර තුනක් තිස්සේ මසකට රුපියල් මිලියන සියය බැගින් අදාල දකුණු අප්‍රිකානු සමාගමට දෙපාර්තමේන්තුව විසින් ගෙවන බවද මෙහිදී චෝදනා එල්ලවී තිබේ.

එය රජයට පවරා නොගන්නේ කොමසාරිස් ජනරාල් වරයා විශාල කොමිස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් බවටද මෙහිදී මන්ත්‍රීවරු පවසා තිබේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව රියදුරු බලපත් කාඩ් පත වැනි කාඩ් පතකට රුපියල් හැත්තෑපහක් ගෙවද්දී එවැනිම කාඩ්පතට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රුපියල් 1700 ක් ගෙවන බවද වහාම මෙම දුෂණ නවත්වන ලෙසද මැති ඇමති වරුන් මෙහිදී ඉල්ලා තිබේ.

එසේම වසර විස්සක් තිස්සේ අංක තහඩු ටෙන්ඩරය අධික මිල ගණන් යටතේ එකම සමාගමකට බව හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා මෙහිදී චෝදනා කරන ලදී.

එහි සේවය සලසා ගැනීමට යන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පවා රුපියල් 1000, 2000 ආදී වශයෙන් මුදල් ලබා ගන්නා බවටද මෙහිදී චෝදනා එල්ලවූ අතර වහාම මෙම ආයතන ප්‍රධානියා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් පරීක්ෂණ පවත්වන ලෙසත් ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරු විසින් අර්ජුනගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව වහාම පරීක්ෂණ පවත්වන ලෙසත් අදාල කොමසාරිස් ජනරාල් වරයා ඉවත් කරන ලෙසත් ඇමතිවරයා නියෝග කර තිබේ.

මීට හේතුව කොමසාරිස් ජනරාල්වරයා මාරු නොකරන ලෙසට එක්තරා සමාගම් කීපයක් ප්‍රවාහන ලේකම්වරයාට බලපෑම් කිරීම බව ප්‍රවාහන අමාත්‍යංශය තුල දැඩි කතා බහට ලක්ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න