මිනීමරුවෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න එපා : වෙල්ගමගෙන් රතු එළියක් !

මිනීමරුවෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න එපා : වෙල්ගමගෙන් රතු එළියක් !

මීළඟ ජනාධිපතිවරණයට තම පාර්ශවයෙන් ඉදිරිපත් වන්නේ රෙද්ද බැනියම අඳින නායකයෙක් පමණක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එලැඹෙන ජනාධිපතිවරණය සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඉදිරිපත් වන්නේ යයි පලවන් වාර්තා සම්බන්දයෙන් කල විමසීමකදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන, මිනීමරණ පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැමීමට තමන් තරයේම විරුද්ධ බවද ඔහු සඳහන් කරයි.

යම් හෙයකින් එවැනි පුද්ගලයකු ඉදිරිපත් කළහොත් තමන් ඊට විරුද්ධව පැහැදිලිම වැඩ කරන බවද මන්ත්‍රීවරයා කියා තිබේ.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාම පමණක් බවත් ඔහුට ඒ සඳහා නීතියෙන් බාධාවක් නැති බව වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න