යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තැනැත්තන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාගන්න අධිකරණය ඉදිරියට යනවා අපි දැක්කා. මොකක්ද මේකෙ තියෙන නීතිමය පසුබිම, මටත් එහෙම කරන්න පුළුවන්ද...?
තමන්ගේ මූලික අයිතිවාසිකමක් කඩවෙනවා කියලා ඕනෙම පුරවැසියෙකුට අධිකරණයට යන්න පුළුවන්. හැබැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 10,11,12,13,14 කියන වගන්ති පහේ තියෙන මූලික අයිතිවාසිකම් පහළොවෙන් එකක් කඩවෙන බව ඔප්පු කරන්න ඕනෙ. මෙතැනදි අදාළ වෙන්නෙ 11 වගන්තිය. වධහිංසාවලට එරෙහිව යන්න පුළුවන්කමක් තියෙනවා. 12 තියෙන්නෙ නීතියෙන් තමන්ට අසාධාරණයක් වෙනව නම් ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක් කියන කාරණය. හැබැයි මේ කඩවීම් ඔප්පු කරන්න ඕනෙ.
ඒ කියන්නෙ ඕනෙම නඩුවකට අදාළ චෝදනා මේකට අදාළයි, මං අදහස් කළේ කෙසෙල්කැන් කැපීමේ සිට බරපතළ ඝනයේ අපරාධ දක්වා...?
තමන්ට නඩුවක් තියෙනවා, ඒකෙන් මූලික අයිතිවාසිකමක් කඩවෙනවා කියලා කිසිම පුරවැසියෙකුට කියන්න බෑ. ඒ කියන්නෙ තමන්ට චෝදනාවක් ඇවිල්ලා තියෙන්නෙ අනෙක් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කඩකිරීමක් නිසා. නීති හදලා තියෙන්නෙ ඒ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න. ඒක නිසා මගේ අයිතිවාසිකම කඩවෙනවා, පුරවැසියන්ගෙ අයිතිවාසිකම කඩවීම නොසලකා හරින්න කියලා කිසි කෙනකුට කියන්න බෑ.
ඒ කියන්නෙ සදාචාර විරෝධී වුණත්, නීතියෙ මේකට අදාළ සිදුරක් තියෙනවා...?
එහෙම කියන්නත් පුළුවන්. ඒත් ඒක සිදුරක් කියලාම හ`දුන්වන්නත් බෑ. මොකද නීතිමය පැත්තෙනුත් ප‍්‍රශ්නයක් තියෙනවා. බරපතළ කාරණය තමයි, අපේ නීති පොත් වල කිසි තැනක මේ ගැන විධිමත් ස`දහනක් නෑ. ඒක නීතිය අර්ථනිරූපණය කිරීමේ ප‍්‍රශ්නයක්. එතකොට ඒ ඉන්න විනිශ්චයකාරවරුන්ට අවශ්‍ය ආකාරයට නීතිය අර්ථනිරූපණය කරලා තීන්දුවක් ලබාදීමේ ඉඩක් දැනට තියෙනවා.
එතකොට නීතියේ පැහැදිලි ප‍්‍රශ්නයක් තියෙනවා. එක් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් රකින්න බහුතරයකගේ අයිතිවාසිකම් කඩන්න ඉඩක් හදලා...?
ඔව්. නීතියේ ප‍්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් විදිහට විනිශ්චයකාරවරුන්ගේ තීන්දු සම්බන්ධයෙන් විවේචනය කරන්න, ඒවා පිළිනොගන්න නීතියෙන් ඉඩදීලා තියෙනවනෙ. පහළ උසාවි වල තීන්දු සම්බන්ධයෙන් ඉහළ උසාවි වලට යන්න පුළුවන්. ඒත් මේකෙදි එහෙම එකක් නෑ. යන්නෙ තියෙන ඉහළම උසාවියට. එතැනින් එහාට යන්න තැනක් නෑ. එතැන ලොකු අසාධාරණයක් තියෙනවා. මේ විදිහෙ එකක තීන්දුවක් දුන්නම කිසිම රටවැසියකුට ඉඩක් නෑ, මගේ අයිතිවාසිකම් කඩවෙනවා කියලා ඊට ඉහළ උසාවියකට යන්න.
සාමාන්‍ය චෝදනා කෙසේ වෙතත් බරපතළ චෝදනා ලැබූවන් තමයි, තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියන්න කියලා වැඩියෙන් පෙත්සම් ගොනුකරන්නෙ. උදාහරණයක් විදිහට තරුණයන් 11 දෙනෙක් කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පෙන්වන්න පුළුවන්. එතකොට ඒ තරුණයන්ගේ, ඔවුන්ගේ මව්පියන් ඇතුළු සමස්තයේ අයිතිවාසිකම් අදාළ නෑ...?
මේක ඉතාම බරපතළ කාරණයක්. තවම කිසිකෙනෙක් දන්නෙ නෑ, ඒ තරුණයන්ට මොකද කළේ කියලා. ඒක අධිකරණයේදි ඔප්පු වෙලා නෑ. ඒ කියන්නෙ තවම ඔහු වැරදිකරුවෙක් නෙමෙයි. ඒත් ඔහුට විරුද්ධව බරපතළ චෝදනාවක් ගොනුකරලා තියෙන්නෙ රජයෙන්. රජය ඒ චෝදනාව ගොනුකරන්නෙ රටවැසියාට සිදු වන හානියක් නිසා, බහුතරයේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගන්න පුළුවන්. එතැනදි ඔහුට කියන්න බෑ, මේකෙන් මගේ මූලික අයිතිවාසිකම් කඩවෙනවා කියලා. මොකද රජයමයි කියලා තියෙන්නෙ, අපරාධ කියන ඒවා ජනතාවට හානිකරයි කියලා. ඒක නිසා එක් පුද්ගලයෙකුට කියන්න බෑ, මේකෙන් මට අසාධාරණයක් වෙනවා කියලා.
ඒ කියන්නෙ අධිකරණය තීරණය කරන්න ඕනෙ, තනි පුද්ගලයාගේ පැත්ත ගන්නවද, බහුතරයේ පැත්ත ගන්නවද කියලා...?
ඔව්. අධිකරණයට බහුතරයේ අයිතිවාසිකම් කඩකරමින් තනි පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. එහෙම තැනකදි අපේ නීති පද්ධතියේ තියෙන යම් ආයතනයක් වරදක් කරනවා කියලා කියන්න පුළුවන්. දේශපාලන පළිගැනීමක් වගේ දෙයක් පිළිබ`ද සැක කරන්න පුළුවන්. තමන් දන්නවා නම්, තමන් හො`දටම නිර්දෝෂියි කියලා, ඒත් අත්අඩංගුවට ගැනීමක් සිදු වෙනවා නම් චෝදනා පත‍්‍ර හරියට ගොනු කරලා, ඒකට ඕනෑම රටවැසියකුට අවනත වෙන්න වෙනවා. කෙනෙකුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අපේ උසාවි වල ඉඩ තියෙනවා. ඒකට සල්ලි යන කතාව වෙනම එකක්. සල්ලි තියෙන මිනිස්සුන්ට ඕනෙ තරම් හැප්පෙන්න පුළුවන්. ඒ නිසා අයිතිවාසිකම් කඩවෙනවා කියන්න හැකියාවක් නෑ, තමන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය ඉදිරියේ ඔප්පු නොකර.
මූල්‍ය අවභාවිතය සම්බන්ධ නඩුවකට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහත්තයව අත්අඩංගුවට ගැනීම අධිකරණයෙන් තාවකාලිකව වළක්වලා තියෙනවා. ඒ පිළිබ`ද සමාජයේ සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා...?
කෙනෙකුට කියන්න පුළුවන්, දේශපාලන පළිගැනීමක් ස`දහායි මෙහෙම කරන්නෙ කියලා. නමුත් ඒකෙදි වුණත් කරන්න තියෙන්නෙ මෙතැන දේශපාලන පළිගැනීමක් තියෙන බව ඊළ`ග නඩු විභාගයෙදි ඔප්පු කරන එක. ඒක තමයි කළ යුත්තේ. තමන් නිර්දෝෂී බව ඔප්පු කරන්න අධිකරණයේ ඉඩකඩ තියෙනවනෙ. විශේෂයෙන්ම සල්ලි තියෙන අයට. නීතියට ගරු කිරීම තවම අපේ රටේ යම් තත්ත්වයකින් තියෙනවනෙ. ඒ ඉඩකඩ තියෙද්දි වෙනම පාරකින් ගිහින් මූලික අයිතිවාසිකම් කඩවීමේ කාරණය ඉදිරිපත් කරන්නෙ ඇයි කියන ප‍්‍රශ්නය මතුවෙනවා.
ඒ කියන්නෙ අධිකරණය යම් වරදක් කරන්න පෙළඹිලා තියෙන බවට සැක මතුකරන්න පුළුවන්...?
අධිකරණය පැත්තෙන් යම් නීතියක් මෙතැනදි කඩලා කියලා කියන්න බෑ. පුරවැසියාට එතැන්ට මේ විදිහට යෑමේ හැකියාවක් තියෙනවා. මං මුලින් කියපු විදිහට ඒක නීතිය අර්ථ නිරූපණය කිරීමේ අඩුවක් නිසා වුණු දෙයක්. ඒක සදාචාරය පිළිබ`ද බරපතළ ප‍්‍රශ්නයකුත් මතු කරනවා. කොහොම වුණත් අධිකරණය පැත්තෙන් මේ වගේ තීන්දු ගැනීමේදී රටේ තත්ත්වයත් සලකා බලන්න ඕනෙ. ඒක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 126 වගන්තියේ පැහැදිලිව කියනවා. පවතින තත්ත්වයන් සලකා බලා මූලික අයිතිවාසිකම් නඩු තීන්දු දෙන්න කියලා ඒකෙ ස`දහන් වෙනවා. රටේ තත්ත්වය නැත්නම් නඩුවේ කරුණු වල ස්වභාවය ගැඹුරින් බලන්න ඕනෙ. ඒ කියන්නෙ ඔහුට එරෙහි චෝදනා අසත්‍යයි කියලා පැහැදිලිව ප‍්‍රමාණවත් කරුණු වලින් ඔප්පු කරලාද කියන එක. ඒ පිළිබ`ද සැකයක් මතුවෙනවා. ඒක මිනිස්සුන්ට ප‍්‍රශ්නයක් විදිහට මතුකරන්න පුළුවන්.
වසන්ත කරන්නාගොඩ සිද්ධිය ආපහු බලන්න පුළුවන්. සමාජයේ පැහැදිලි මතයක් තියෙනවා, හමුදාවේ යම් යම් කොටස් කප්පම් ගන්න පුද්ගලයන් පැහැරගත්තා කියලා. ඒකට අදාළ යම් යම් සාක්ෂිත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ ඒක සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන්ද. හමුදාවක හිටපු ප‍්‍රධානියෙක් විදිහට කරන්නාගොඩ එහෙම ඔප්පු කරලා තියෙනවද. එහෙම නැති තත්ත්වයක් යටතේ ඔහු කොහොමද කියන්නෙ, මේකෙන් මගේ අයිතිවාසිකම් කඩවෙනවා කියලා. එතකොට අනෙක් මිනිස්සුන්ගේ අයිතිවාසිකම්. මේක 11 දෙනෙකුගේ අයිතියක් ගැන කතාවක් නෙමෙයි, සමස්ත ජනතාවගේම අතුරුදන් කිරීමෙන් වැළකීමට තියෙන නිදහස පිළිබ`ද කාරණයක්.
ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා. ඔවුන් ඒ වගකීම නිසි පරිදි ඉටු කරනවද කියන සැකය සමාජයේ තියෙනවා...?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය අනුව විනිශ්චයකාරවරුන්ට යම් නිදහසක් දීලා තියෙනවා, යම් කාරණයක පසුබිමේ තියෙන කරුණු පිළිබ`දවත් සලකා බලන්න. මේ කාරණා වලදි එහෙම සලකා බැලූවාද කියන කාරණය අපි දන්නෙ නෑ. ඒ ගොල්ලො එහෙම කළේ කොහොමද කියන එක පිළිබ`දව සමාජය දැනුවත් නෑ.
විනිශ්චයකාරවරුන් කියන්නෙත් රජයෙන් වැටුප් ලබන සේවක පිරිසක්. ඔවුන්ට පුළුවන්ද මම මේ නඩුවෙන් ඉවත් වෙනවා කියන්න...?
පුළුවන්. සිවිල් හෝ අපරාධ ඕනෙම නඩුවක යම් පාර්ශ්වයක් එක්ක තමන්ට සම්බන්ධයක් තියෙනවා කියලා එයා හිතනව නම් මේ තීරණය ගන්න පුළුවන්කමම තියෙනවා. නෑදෑකමක්, හිතවත්කමක්, යම් ආකාරයක ගනුදෙනුවක් ඒකට අදාළයි. ඒක නීතියේම ස`දහන් වෙනවා. නඩුවක තීන්දුවක් දෙනකොට ඒක අපක්ෂපාතී වෙන්න ඕනෙ. නඩුවට සම්බන්ධ යම් පාර්ශ්වයක් එක්ක සම්බන්ධතාවක් තියෙනව නම් අපක්ෂපාතී වෙන්න බෑ කියලා නීතිය උපකල්පනය කරනවා. ඒ නිසා මේ ඉඩ ලබාදීලා තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සම්බන්ධ නඩුවකින් යම් විනිශ්චයකාරවරයෙක් මේ කාරණය දක්වලා ඉවත් වෙනවා. ඒක සෘජු දේශපාලන කාරණයක්. එතකොට ඊළඟට ඒ විනිශ්චයකාරවරයා විභාග කරන දේශපාලනයට සම්බන්ධ නඩු පිළිබඳ වත් ප‍්‍රශ්නයක් මතු වෙනවා...?
මෙතැනදි සලකා බලන්නෙ පෞද්ගලික සම්බන්ධතා පමණයි. පුද්ගලයා හා තියෙන සම්බන්ධයක් පමණයි නීතියෙදි සලකා බලන්නෙ. ඒගොල්ලොන්ට දේශපාලනයේ යෙදීමේ අවසරයක් නෑ. ඒ වුණාට රහසිගත සම්බන්ධතා තියෙනවා තමයි. ඒවා ප‍්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඔබ කියන තරම් දුරට නීතිය යන්නෙ නෑ. පෞද්ගලික සම්බන්ධතාව විතරයි අදාළ කරගන්නෙ. ඒත් ඔබ කියන කාරණය සම්බන්ධයෙන් සමාජයේ යම් විවේචනයක් තියෙනවා. ඒක සාධාරණ සැකයක් බවට මේ වනවිට පත්වෙලා.
ශාලික විමලසේන
ලංකා ඉරිදා සංග්‍රහය - 2019.03.31

