මහා බ්‍රහ්මයා මෙන් ශ්‍රී ලංකාවේ සෑම දෙයක්ම කළේ රාජපක්ෂවරුන් යැයි සඳහන් කරන බවත් මහින්ද රජපක්ෂ මහතාට ක්‍රියාත්මක කර අවසන් කල හැකිවූයේ ව්‍යාපෘති 4ක් බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමෙන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාගේ අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“වෝටර්ස් එජ් ආයතනය අපි දෙගුණයක් ලාභ කර තිබෙනවා. සෑම දෙයක්ම කරන්නේ ප්‍රසම්පාදන අනුවයි. රට එක පවුලකට සීමා වෙලා නෑ. සෑම කෙනාටම අයිතියි. මහා බ්‍රහ්මයා වගේ ඔක්කොම එයා කළේ කියනවා.
මම මේක කියන්න නෙමෙයි හිටියේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ආරම්භ කර අවසන් කළේ ව්‍යාපෘති 7ක් පමණයි. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය හා සූරියවැව සම්න්ත්‍රණ ශාලාව ඒ ව්‍යාපෘති හතරයි.
කටුනායක අධිවේගය ආරම්භ කළේ 1968දී, දකුණු අධිවේගය ආරම්භ කළේ 1991දී, බෙලිත්ත දුම්රිය මාර්ගය ආරම්භ කළේ 1971දී, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවුරුදු පහටම වියදම් කළේ බිලියන 28යි. අපි බිලියන 64ක වැඩ කර තිබෙනවා"

