ජිනීවා ගැන සිරිසේන කියන කතාව වැරැදියි - කිරිඇල්ල කරුණු දක්වයි !

ජිනීවා ගැන සිරිසේන කියන කතාව වැරැදියි - කිරිඇල්ල කරුණු දක්වයි !

එක්සක් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් ජිනීවාහි සිටින ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා විදේශ අමාත්‍යංශයට නොදන්වා කිසිදු ලියවිල්ලකට අත්සන් කර නැති බව සභානායක අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල පවසයි.

එම සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව කිසිදු ලියවිල්ලකට අත්සන් නොකල බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රටවල් කිහිපයක සම අනුග්‍රහකත්වයෙන් කවුන්සිලයට ඉදිරිපත් කල යෝජනාවට පමණක් එහිදී අත්සන් තැබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ රාජ්‍ය නායකයා වන තමන්ට නොදන්වා ජිනීවාහිදී රට හා රණවිරුවන් පාවා දෙමින් ලියවිල්ලකට අත්සන් කර ඇති බවට ජනාධිපති සිරිසේන පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

සිරිසේනත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කතාව උස්සයි !

ජනාධිපති සිරිසේන පසුගියදා පවසා සිටියේ ජාත්‍යන්තර හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ ස්වාධීනත්වය ට හානිවන කිසිවක් සිදුකිරීමට තමන් සූදානම් නැති බවය.

එසේම මානව හිමිකම් කොමිසම නිකුත්කල තිබෙන වාර්තාවේ සදහන් පරිදි සම වගකීම් භාරගැනීමේ ප්‍රතිපත්තිය ඉදිරි වසර 2කින් සිදුකරන බවට පසුගිය පෙබරවාරි 25 වනදා ජිනීවා තානාපති මානව හිමිකම් කොමිසම සමග අත්සන් තැබීම කිසිසේත් පිළිනොගන්නා අතර එය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් සිරිසේන ජනාධිපති පවසා ඇත.

තවද එහිදී ජනාධිපති සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ එදා රටට එල්ලවු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අද වෙනස් ක්‍රමෝපාය ඇතිව එන බවත් ඊට තමන් ඉඩ නොදෙන බවත්ය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න