කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් පාසල් සිසුවියන් 19 දෙනෙකු පානදුර මූලික රෝහලට රැගෙන විත් ඇති බව පානදුර මූලික රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෙලෙස රෝහල් ගත කළ පිරිස අතර සිසුවියන් 13 ක් , ගුරුවරියෝ 5 ක් සහ පාසල පිරිසිදු කිරිමට පැමිණි මවක් ද වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් මෙසේ රෝහල් ගත කර තිබෙන බවද සදහන් වේ.
පාසලේ රසායනාගාර පරීක්ෂණයකදී කිසියම් රසායනික ද්‍රව්‍යයක් ස්වසනය වීමෙන් බවට තොරතුරු ලැබී ඇති බවත් සදහන් වේ.
රෝහල් ගත කර ඇති සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
(සුමිත් පොතුපිටිය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
