සිරිසේන කැබිනට් වර්ජනයකටත් සූදානම් !

සිරිසේන කැබිනට් වර්ජනයකටත් සූදානම් !
ජනාධිපති සිරිසේන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමේ සූදානමක් සම්බන්ධව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
 
ඒ ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය වහාම  විසඳා ගතයුතු බවත් නොඑසේනම් තමන් එතෙක්    කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව පවසමිනි.
 
 ජනාධිපති  සිරිසේන ඊයේ  (2) කැබිනට් රැස්වීමේදී මේ බව පවසා ඇති අතර  මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති බවත් වාර්තා වෙයි.
 
එහිදී ජනාධිපති සිරිසේනගේ අදහස වී ඇත්තේ  රාජ්‍ය  ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.
 
මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බවත්  ජනාධිපති  සිරිසේන පවසා තිබෙන බවද වාර්තා වෙයි.
 
එබැවින් මෙම අර්බුදය වහා විසඳා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර  මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද ජනාධිපති සිරිසේන දැඩිව  විවේචනය කර ඇතැයි වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න