විදුලිබල අර්බුදය විසදීමට : මිල අවම නව තාක්ෂණික ක්‍රමෝපායක් !

විදුලිබල අර්බුදය විසදීමට : මිල අවම නව තාක්ෂණික ක්‍රමෝපායක් !

"ඇත්තෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් වශයෙන් මා විසින් සොයාගත් මෙම තාක්ෂණය යොදාගත හැකියි.  කුඩා ජල ප්‍රභවයකින් වුවත් බලශක්තිය උත්පාදනය කළ හැකි ක්‍රමවේදයක් තමයි මා විසින් සොයාගෙන තිබෙන්නේ. ඉදිරියේදී මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්ධනයක් කිරීම පිණිස, මෙම නව ක්‍රමවේදය ව්‍යාප්ත කිරීමට රජයේ සහයෝගය ලබාදිමට විදුලිබල අමාත්‍යතුමන් පොරොන්දු වුණා. ඒ අනුව ඉදිරියේදී තවත් වර්ෂ එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයින ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය කිරීමට හැකිවේවි. මේ වනවිට දිවයිනේ භාවිත වන ජල විදුලි උත්පාදන ක්‍රමය වෙනුවෙන් විශාල ජල ප්‍රභවයන් අවශ්‍යයි. නමුත් මේ ක්‍රමය යටතේ අගල් දෙකක තුනක ජල ප්‍රභවයකින් පවා විදුලිය උත්පාදනය කළ හැකියි. අනාගතයේදී මේ ක්‍රමය සමස්ත ලෝකය පුරාම ප්‍රචලිත වේවි" යැයි නව බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් මගින් බලශක්ති අර්බුධයට විසදුම් ලබාදීමට ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම හදුන්වාදුන් මල්ලව රූපසිංහ මහතා පවසයි.

ඊයේ (02) පස්වරුවේ විදුලිබල,බලශක්ති සහ ව්‍යපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ මල්ලව රූපසිංහ මහතා විසින් සිය නව සොයාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කළේය. මීට ඉහතදීද තමාගේ මෙම නව සොයාගැනීම සම්බන්ධයෙන්  බලශක්ති ක්ෂේත්‍රයේ වගකිවයුත්තන් දැනුවත් කල නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලද බව පැවසූ මල්ලව රූපසිංහ මහතා, විෂයබාර අමාත්‍ය රවී කරුනානායක මහතා  විසින් මෙසේ තමා කැදවමින් මේ පිළිබදව කරුණු විමසා බැලීම ප්‍රශංසනීය කටයුත්තක් බවත්, රටේ විදුලිබල ක්ෂේත්‍රය ඒ තුළින් නව දිශානතියකට යොමුකල හැකි බවත් පැවසීය.

මල්ලව රූපසිංහ මහතා වැඩිදුරටත් සිය අදහස් දැක්වමින්,

රටේ විශාල විදුලිබල අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක, විදුලිබල ක්ෂේත්‍රයට මෙන්ම පවතින විදුලි අර්බුධයට සාර්ථකව මුහුණදිය හැකි විසදුමක් ලබාදීම වෙනුවෙන් වර්තමාන විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාව එම අමාත්‍යාංශයට කැදෙව්වා. වසර ගණනාවක පටන් මා විසින් සොයාගත් මෙම තාක්ෂණය විදුලිබල ක්ෂේත්‍රයට ලබාදිමට මා උත්සාහ කළත්, ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයකින් කිසිදු දිරිගැන්වීමක් හෝ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් මේ සම්බන්ධව උනන්දුවක් දැක්වූ විදේශ රටවලින් මේ වනවිට මාගේ තාක්ෂණය ලබාගෙන සාර්ථකව කටයුතු කරනවා.  රවී කරුණානායක අමාත්‍යතුමන් රටේ විදුලිබල ක්ෂේත්‍රයට විසදුම් ලබාදීමට මට යම් වගකීමක් ලබාදීම සම්බන්ධයෙන් මා එතුමන්ට ස්තුතිවන්ත වන අතරම මෙය මාගේ යුතුකමක් වශයෙන් සලකනවා යැයි පැවසීය.

මල්ලව රූපසිංහ මහතා විසින් මේ වනවිට මෙම ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම යොදාගනිමින් විදුලි නිෂ්පාදන කාර්යයෙහි සාර්ථක අන්දමින් කටයුතු කරයි. ඔහු තම නිවසේ ඇති ජල ටැංකියට මෙම ඒනජිම සවිකර කිලෝ වොට් 2 ක පමණ විදුලියක් උත්පාදනය කරයි. එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරිමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණ මුදලකි. මල්ලව රූපසිංහ මහතා  පවසන පරිදි එම මුදලම වැයකර අවශ්‍ය නම් කිලෝවොට් විසිපහක බලාගාරයක්ද ඉදිකල හැකිය. එවැනි බලාගාරයකින් නිවාස  20 කට  විදුලිය ලබාදිය හැකි බව ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න