ශක්තික සත්කුමාරට විලංගු දැමීම : නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විවේචනයට !

ශක්තික සත්කුමාරට විලංගු දැමීම : නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විවේචනයට !

නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි  පළ කරන ලද කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් අප්‍රෙල් 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම  අප්‍රසාදය පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සදහන් කරයි.

අදාල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇති අන්දමට ශක්තික සත්කුමාර පොල්ගහවෙළ පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන අප්‍රියෙල් 09 දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කොට ඇත්තේ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේය.

ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කිරීමෙන් ජගත් ප්‍රජාවට මෙන්ම ශ්‍රී ලංකික මහජනතාවට පොරොන්දු වි ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වඩාත් සුරක්ෂිත කොට පෝෂණය කිරීමට මෙම ප්‍රඥාප්තිය මගින් ඉඩකඩ සලසා දෙන බවයි.

නමුත් මෙම සිදුවිම් මගින් පැහැදිලි වන්නේ එම ප්‍රඥප්තිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අභියෝගයක් එල්ල වන ආකාරයෙනි. යම් කලා කෘතියක අන්තර්ගතය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ විනිශ්චය කිරීම එක් දෘෂ්ටිකෝණයකින් පමණක් කළ නොහැකි සංකිර්ණ කටයුත්තකි. එහෙත් රජය මෙහිදි ක්‍රියාකර ඇත්තේ ඒ පිළිබඳ නොතකමින් බව පැහැදිලිව පෙනේ.

කලා හා සාහිත්‍ය කෘතින් මෙන්ම නිදහස් මතධාරින්, ලේඛක ලේඛිකාවන් සම්බන්ධයෙන් රජය නිසි අධ්‍යයනකින් තොරව තීරණ ගෙන ඇති බවත්, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය උල්ලංඝණය කිරීම රජය විසින් නොකඩවාම සිදු කරන බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මීට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දි ඇත. මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය නතර කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නැවතත් සියලු බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න