මාකදුරේ මධූෂ්ගේ සාදයේ සිටියදී ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ රංගන ශිල්පී රයන් ඇතුලු තවත් 5ක් ඊයේ (02) රාත්‍රියේ මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.
මෙම පිරිස ඊයේ රාත්‍රි 10: 50 ට පමණ ඩුබායි වෙතින් පිටුවහල් කර ඇති අතර ඒ සදහා UL226 දරණ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානය යොදාගෙන තිබෙන බවත් වාර්තා වෙයි.
එසේම එම සාදයේ සිටියදීම අත්අඩංගුවට පත්වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඇතුළු කිහිපදෙනකු ද අද (03) මෙරටට පිටුවහල් කිරීමට ඉඩඇති බවත් වාර්තා වෙයි.

