ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
එම ගැසට් නිවේදනය ඊයේ (02) දින නිකුත් කිරීමට මීට පෙර තීරණය කර තිබුනි.
නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්ථන අවසන් නොමැතිවීම නිසා 02 වනදා ගැසට් පත්‍රය නිකුත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර අත්අඩංගුවට ගන්නා ලද කොකේන් විනාශ කිරීම පිළිබදව ද මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
2010 සිට 2014 දක්වා කාලය තුල නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ කොකේන් සහ හෙරොයින් කිලෝග්රැම් 769 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් කොකේන් සහ හෙරොයින් මෙලෙස විනාශ කෙරුනා. ගත වූ වසර 04 තුල කොකේන් සහ හෙරොයින් කිලෝග්රැම් 1749 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් විපක්ෂය චෝදනා කළා වරින් වර කොකේන් සහ හෙරොයින් අත්අඩංගුවට ගැනීමේ දී අල්ලා ගත් එම තොග වරින් වර මාධ්‍යයට පෙන්වන බව. එම චෝදනා වලට පිළිතුරක් ලෙස මෙලෙස අල්ලාගත් තොග ප්‍රදර්ශණය කරමින් විනාශ කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

