ප්‍රදීප් අමිර්තනායගම් අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත්වෙයි !

ප්‍රදීප් අමිර්තනායගම් අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත්වෙයි !

ප්‍රදීප් අමිර්තනායගම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර ඇත.

අමිර්තනායගම් මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අධිශිෂ්‍යත්වලාභියෙකි. ජනමාධ්‍ය, ප්‍රචාරණ හා පරිපාලන ක්ෂේත්‍රයේ වසර 30 කට අධික අත්දැකීම් ඇති ඒ මහතා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ජාතික ගුවන් විදුලිය යන ආයතනයන් හි ප්‍රවෘත්ති නිවේදකයෙකු හා විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

1990 වසරේ ආරම්භ කෙරුණු හෝම්ස් පොලාඩ් වෙළඳ ප්‍රචාරණ ආයතනයේ නිර්මාතෘවරයා ද වන අමිර්තනායගම් මහතා 2015 වසරේ සිට පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති ලෙස ද කටයුතු කරයි.

අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ද ක්‍රියා කරන අමිර්තනායගම් මහතා බටහිර කොළඹ රොටරි සමාජයේ 50 වන සභාපතිවරයා ද වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න