ශ්‍රීලනිප මැයි සමරුවට මහින්දටත් ආරාධනා කරනවා - නිමල්

ශ්‍රීලනිප මැයි සමරුවට මහින්දටත් ආරාධනා කරනවා - නිමල්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කරන බව එම පක්ෂයේ මැයි දින කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මීට අමතරව ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ටද ආරාධනා කරන බවත්, මැයි දින සැමරුම ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පවත්වන බවත් ඔහු පවසයි.

ඊයේ (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසු අතර පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින සැමරුමට සමස්ත ලංකාවම නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගි කර ගන්නා බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න