අයවැයට සිරිසේනත් පක්ෂයි : රාජපක්ෂ හිතවාදීන් නොසන්සුන් !

අයවැයට සිරිසේනත් පක්ෂයි : රාජපක්ෂ හිතවාදීන් නොසන්සුන් !

අප්‍රේල් මස 05 වැනිදා පැවැත්වෙන අයවැය අවසන් වර ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට විරුද්ධ නොවිය යුතු බවත් එසේම ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවත් ජනාධිපති සිරිසේන යෝජනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

තමන්ගේ අමාත්‍යාංශය තුනකද වැය ශීර්ෂ අයවැය තුළ අඩංගු බැවින් ඊට විරුද්ධවීමට හැකියාවක් නොමැති බව ජනාධිපතිගේ ස්ථාවරය බවත් දැනගන්නට ඇත.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ආසන සංවිධායකයන් ඊයේ (02) ජනාධිපති හමු වූ අවස්ථාවේදී ඔජු මේ බව සඳහන් කළ කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රීලනිප ය නියෝජනය කරන පිරිසක් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධව එකඟතාව පළකර නොමැති බවද වාර්තා වන අතර ජනාධිපතිගේ ස්ථාවරය ඊයේ රාත්‍රියේම රාජපක්ෂ පාර්ශවයට දන්වන්නට ද ඔවුන් කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ ශ්‍රීලනිප ප්‍රබලයකු සඳහන් කළේ අවසානයේ එකඟතාවක් නොමැතිව මේ සාකච්ඡාව අවසන්වූ බවත්, මීට පෙරත් සිදුවූ පරිදි 4 වනදා පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී "කැමති කෙනෙක් ඕනෑම දෙයක් කරගන්න" න්‍යායට මේ අයවැය අවසන් ජන්ද විමසුමේදී ශ්‍රීලනිප මතය ලෙස ප්‍රකාශයට පත්වනු ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න