උත්සව සමයේ සිදුවන වෙළඳ විෂමාචාරයන් සම්බන්ධයෙන් වන පාරිභෝගික පැමිණිලි තමන් වෙත ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහිදී භාණ්ඩ හා සේවා මිලදී ගැනිමේදී පාරිභෝගිකයින් මුහුණදෙන විවිධ අපහසුතා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, සැපයීම, ගබඩා කර තැබීම, ප්‍රවාහනය සහ විකිණිම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඒ පිළිබ`ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙතද ලබා දී ඇත.
මේ අතර භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීම් කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් ද මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
1977 ක්ෂණික ඇමතුම් අංකයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පැමිණිලි අංශයේ 011 7755481, 011 7755482 සහ 011 7755483 යන අංකවලට තොරතුරු දැනුම් දිය හැකිය.

