ශ්‍රි ලංකාවට ත්රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා විවාදයට එක් වෙමිනි.
මේ වන විට ලංකාව තුළ මිලියනකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බවත් ඒ අනුව මිලියනයක පමණ ශ්‍රම බලකායක් ලංකාවට අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
එහිදී ඔහු වැඩි දරටත් සඳහන් කර සිටියේ අධ්‍යාපන අංශයේද ප‍්‍රතිපත්තියක් නොමැති බවත් සතියේ දිනවල අමතර පන්ති පැවැත්වීම තහනම් කළ යුතු බවත්ය

