හෙට (05) පැවැත්වීමට නියමිත 2019 අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී ශ්‍රිලනිප කුමක් කරන්නේද යන්න සම්බන්ධව තීන්දුවක් ගැනීමට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (04) පස්වරුවේ රැස්වන බව වාර්තා වෙයි.
මෙම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ රැස්වීමට නියමිත අතර ඒ බව තහවුරු කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස්වී අයවැය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.
කෙසේවෙතත් අයවැය 03වන වර කියවීමේ ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම ඉකුත් අගහරුවාදා ද රැස්ව තිබූ නමුත් එය අවසන් වූයේ කිසිදු එකගතාවකට එළඹීමට නොහැකිවය.
එහිදී පිරිසක් ජනාධිපති සිරිසේනගේ අමාත්‍යාංශ 3ක් ඇති බැවින් අයවැය ට පක්ෂ වියයුතු බව සදහන් කර ඇති අතර තවත් පාර්ශවයක් පවසා ඇත්තේ විපක්ෂය නියෝජනය කරන බැවින් අයවැය ට එරෙහි වියයුතු බව ය. එසේම ආණ්ඩුව කොහොමත් අයවැය ජයග්‍රහණය කරන බැවින් ශ්‍රිලනිප ජන්ද ඊට අනවශ්‍ය බවත් එබැවින් ජන්දය දීමෙන් වැලකී සිටීම වැදගත් කියූ පිරිසක් ද එහි සිට ඇත.
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත නොකරන්නේ නම් නව දේශාපලන සන්ධානයක් ගොඩ නැගීම සඳහා ඔවුන් සමග පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
එහි තරුණ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ට දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත.

