ජිනීවා ගිය ලංකා නියෝජිතයන්ගේ හැසිරීම අන්තිමයි - ඇමැති මංගලගෙන් සැර නිවේදනයක් !

ජිනීවා ගිය ලංකා නියෝජිතයන්ගේ හැසිරීම අන්තිමයි - ඇමැති මංගලගෙන් සැර නිවේදනයක් !

මෙවර ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ හැසිරීම සම්බන්ධව සෑහීමකට පත්විය නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව සදහන් කරන අතර මානව හිමිකම් කොමිසමේ 40වන සැසියේදී ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය තාන්ති‍්‍රක පරිණතභාවය, දක්ෂතාව මෙන්ම ජාත්‍යන්තර තලයේදී තාර්කිකව ප‍්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව ප‍්‍රදර්ශනය කරනු ඇති බවට තමා අපේ්ක්ෂා කළ බවද සදහන් කර ඇත.

ජාත්‍යන්තරයේදී ශ‍්‍රී ලංකාව ඇති කර ගෙන තිබෙන යහපත් තත්ත්වය මෙන්ම ස්වාධීන විශ්වාසවන්තභාවය ඊට හේතුව බව ද අමාත්‍යවරයා නිවේදනයේ සදහන් කර ඇති අතර එහෙත් මානව හිමිකම් සැසිවාරයේදී එවැන්නක් පැහැදිළි නොවූ බවත් අවධාරණය කර තිබේ.

සබුද්ධික තර්කානුකූල ප‍්‍රවේශයක් වෙනුවට ශ‍්‍රී ලංකා නියෝජිත පිරිසගෙන් අසන්නට ලැබුණේ හුදු වාගාලාපයක් පමණක් බවද පෙන්වාදෙන අමාත්‍යවරයා මෙහි සත්‍ය යථාර්තය මැතිවරණයේදී වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමේ රැවටිලිකාර උත්සහයක් බවත් පවසයි.

ජිනීවා යෝජනාව පිළිබඳ අවබෝධයෙන් සහ මැදිහත් සිතින් කියවා තේරුම් ගන්නා ලෙස රටේ සියලූ පුරවැසියන්ගෙන් තමන් ඉල්ලා සිටින බව ද අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

අමාත්‍යවරයා නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න