දිස්ත්‍රික්ක 20ක් අද රත්වෙයි !

දිස්ත්‍රික්ක 20ක් අද රත්වෙයි !

උණුසුම්තත්ත්වය ඉහළ යෑම යටතේ අද (04දා) දිනයේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විස්සක උණුසුම් තත්ත්වය ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පුත්තලම, කුරුණෑගල, කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දොළහක ජනතාව උණුසුම් තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දිස්ත්‍රික්ක 20ක් අද රත්වෙයි !

මීට අමතරව යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්ක අටෙහි ජනතාව උණුසුම් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැඩි අවධානය යොමුකළ යුතු උණුසුම් තත්ත්වයක් ඇතිවන දිස්ත්‍රික්කවල ජනතාව විජලනය,ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම පිළිබඳ හා අධික උණුසුම නිසා ඇතිවන මහන්සිය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින උණුසුම් තත්ත්වය ඇතිවන දිස්ත්‍රික්කවල ජනතාවද මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු අතර, ප්‍රමාණවත් ජලය පානය කරන ලෙස හා සෙවණක් ඇති ස්ථානවල හැකි තරම් විවේක ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ශරීර උණුසුම් ඉහළ යෑමට අමතරව මේවනවිට පරිසර උෂ්ණත්වයද ඉහළ ගොස් තිබේ.

ඊයේ (03දා) දින උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර ඒ සෙල්සියස් අංශක 37.1කි.

උපරිමවර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේමස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.ඒ මිලිමීටර් 4.3කි.

එමෙන්ම අවම උෂ්ණත්වයද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන අතර, එම ප්‍රමාණය සෙල්සියස් අංශක 7.6කි.එය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංක හතරකින් පහළ යෑමක් බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව දහවල් කාලයේ උෂ්ණත්වය සැලකීමේදී කටුගස්තොට, කුරුණෑගල, වවුනියාව යන ප්‍ර‘දේශවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක තුනකින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇත.

අනුරාධපුරය, හම්බන්තොට, යාපනය, මහඉලුප්පල්ලම, රත්මලාන, රත්නපුරය යන ප්‍ර‘දේශවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දෙකකින් උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.පොළොවට ආසන්න වායුගෝලයේ සුළං නිශ්චිත දිසාවකින් තොරව හමාගොස් තිබෙන අතර, සුළඟේ උපරිම වේගය පැයට කිලෝමීටර් විස්සක් දක්වා පහත වැටී ඇත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න