මරණ දඩුවම එපා : ක්ෂමා සංවිධානය දන්වයි !

මරණ දඩුවම එපා : ක්ෂමා සංවිධානය දන්වයි !

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ අඩු නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර නීති සහ තත්ත්ව උල්ලංඝණය කරන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු කළ නොහැකි බවත් එම සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය නවතම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එම කරුණු සඳහන් කර ඇත. “ශ්‍රී ලංකාව : මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම නවතා දමන්න” යනුවෙන් එම වාර්තාව නම් කර තිබේ.

මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති රටවල තත්ත්වය දෙස බැලීමේදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ නැවැත්වීමට උපකාරී නොවන බව පෙනී ගොස් ඇති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අසාධාරණ නඩු විභාගවලින් සුළු ජාතික ජන කොටස් සහ අඩු, අවවරප්‍රසාදිත සහ ප්‍රතිලාභ නොලත් පහළ සමාජ ආර්ථික පසුබිම්වලින් පැමිණෙන ජනතාව පීඩාවට පත්වීමේ අවදානමක් ඇති බවත් එම සංවිධානය පෙන්වාදෙයි.

“මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධ අඩු වෙන්නේ නැහැ. මරණ දඬුවම විසඳුමක් නෙමෙයි. එසේ වුවත් අසාධාරණ නඩු විභාගවලින් අහිංසක මිනිසුන් පීඩාවට පත්වීමේ අවස්ථාවක් තිබෙනවා. ප්‍රතිලාභ නොලත් අඩු සමාජ ආර්ථික පසුබිම්වලින් පැමිණෙන ජනතාව වින්දිතයන් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා” යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බිරාජ් පට්නායක් සඳහන් කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ මැඬලීමට හේතුවක් නොවන බවත් මරණ දඬුවම තහනම් කිරීමෙන් අපරාධ වැඩි වී නොමැති බවත් සංඛ්‍යා දත්තවලින් පෙනී යන බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. කලින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ එහෙත් පසුව මරණ දඬුවම අහෝසි කළ රටවල සංඛ්‍යා දත්ත සැලකීමේදී මරණ දඬුවම අහෝසි කිරීම අපරාධ වැඩි වීමට හේතු වී නැතැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න