අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේ නම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත්විය යුතුයැයි එකාබද්ධ විපක්‍ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එළැඹෙන සදුදා දින මෙය සිදුව ඇති බවත් දැනගන්නට තිබේ.
වාර්තා වන ආකාරයට ජාතික පක්‍ෂ විරෝධී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා තමන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුර එ.ජා.ප ආණ්ඩුව ආරක්‍ෂාකිරීමට කටයුතු කරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් කිසිඳු ඵලක් නොවන බව තරුණ මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම් දී ඇත.
කෙසේ වෙතත් මේ මොහොතේදී ආවේගශීලී නොවී ඉවසීමෙන් දේශපාලනය කළ යුතු බව තරුණ මන්ත‍්‍රී කණ්ඩායමට පෙන්වාදී ඇති විපක්‍ෂනායකවරයා රජයට එරෙහි සියලූම දේශපාලන කණ්ඩායම් එකතු කරගනිමින් පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතිදී රජය විවේචනය කර කෙසේ හෝ මැතිවරණයක් ලබාගැනීමට ක‍්‍රියාකළ යුතු යැයි පවසා ඇති බව වාර්තාවේ.

