අයවැය ගැන ශ්‍රිලනිපය අතරමැද :අවුරුද්දෙන් පසුව සිරිසේනගෙන් අලුත් ආණ්ඩුවක් !

අයවැය ගැන ශ්‍රිලනිපය අතරමැද :අවුරුද්දෙන් පසුව සිරිසේනගෙන් අලුත් ආණ්ඩුවක් !

අයවැය අවසන් ඡන්ද විමසීමේදී ගන්නා තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීන්දුවක් ගැනීමට අපහසුව සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව තීන්දුවක් ගැනීමට පවසමින් මීට පෙරද ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම හමුවුවත් එය අවසන්වූයේ කිසිදු තීන්දුවක් ගත නොහැකිවය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා සිටියේ අප්‍රේල් 04 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවය.

නමුත් ඊයේ (04) පැවති ඒ සාකච්ඡාවේදී ද පිරිසට නිශ්චිත තීන්දුවක් ගැනීමට නොහැකිව ඇති නමුත් ශ්‍රිලනිප ය සහ ඒකාබද්ධ විපක්‍ෂය අද (5) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.

අවුරුද්දට පස්සෙ සිරිසේනගෙන් අලුත් ආණ්ඩුවක් !

එසේම ඊයේ පැවති මෙම සාකච්ඡාව සදහා ජනාධිපති සිරිසේන මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද සහභාගීව ඇති අතර එහිදී තීන්දුවක් ගැනීමට නොහැකිව ඇත්තේ ජනාධිපතිගේ පාර්ශවය අයවැය සම්බන්ධව නිශ්චිත තීරණයක් නොමැතිව සිටි නිසා බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත් මෙහිදී ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වා ඇති අතර රජය විසින් ගැසට් කර තිබෙන ඉඩම් පනතට තමන් කැබිනට් මණ්ඩලයේදී විරෝධය දැක්වුවද අගමැතිවරයාගේ මෙහෙයවීම මත එම පනත මේ වනවිට ගැසට් කර තිබෙන බවද පවසා ඇත.

තමන් ඒ සම්බන්ධයෙන් අනිද්දා (6) ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති ජනාධිපති සිරිසේන මේ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ රජය සමඟ තවදුරටත් කටයුතු කිරීම අපහසු බවත් එබැවින් නව ආණ්ඩුවක් පිහිටුවීමට සිංහල අවුරුද්දෙන් පසුව සියලූම දෙනා එක්විය යුතු බවද පවසා ඇතැයි ද වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න